Two Step Age Verification


⚠️ මුලින්ම කියන්න ඕනෙ මේක අද, ඊයේ, ඊලග update එකෙන් එන එකක් නෙමේ Update ගානකට කලින් Garena එකෙන් දීපු එකක්.

🎨 කිහිප දෙනෙක් මට කිව්වා මේ window එක එයාල log වෙද්දී ලගදි ආව කියලා. සමහර විට ඔයාලටත් එන්න ඇති.

🧊 ඔයාල game එක start කරන්න කලින් facebook, google වලින් log වෙන්න තියෙන තැන වම් පැත්තේ පහල tick දෙකක් දාල තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.
මේ tick වලින් කියන්නේ.
1. Garena එකේ Terms of service හා Privacy Polices වලට  ඔයාල එකගයි කියන එක.
2. දෙවැනි tick එකෙන් කියන්නේ වැඩිහිටි වයසට (age of majority) (ලංකාව ඇතුළු Asia රටවල් වල අවුරුදු 18) වඩා වැඩි හෝ එහෙමත් නැත්තම් භාරකරුගේ අනුමැතිය ඇතුව සෙල්ලම් කරන්නේ කියලා.

🚀 ඔයාලට ප්‍රශ්නයක් ඇති ගොඩක් කල් නම් මේ window එක game එකේ තිබ්බ නම් ඇයි අපි දැක්කේ නැත්තේ කියන එක.

🧊 ඔයාල හැමෝම game එකට log වෙද්දී game එකෙන්ම මේ උඩ කියපු tick දෙකම auto ticked කරලා තමයි එවන්නේ එකයි හේතුව. හදිස්සියේ වත් ඔයාල යට tick එක untick කරලා log වෙන්න හැදුවොත් ඔයාලට මේ window එක බලාගන්න පුළුවන්.

🚀 මේකේ කියන්නේ මොකක්ද?
🧊 මේකේ කියන්නේ අපිට අපේ වයස තෝරන්න කියලා. Option 3ක්‌ තියේ
  ⏱️ <13 : අවුරුදු 13ට අඩු.
  ⏱️ 13-17 : අවුරුදු 13-17 අතර.
  ⏱️ 18+ : අවුරුදු 18ට වැඩි

🚀 මෙතැනදී ඔයාල හරි උත්තරය තෝරන්න ඕනෙ. වැරදියට තේරුවොත් account එක Banned කරන්න හෝ වෙනත් පියවර ගන්න Garena එකට පුළුවන්

🧊 මේ ඔයාලා තෝරන උත්තරේ save වෙන්නේ නැ කොහේ වත්. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ අඩු වයස් නම් භාරකරුගේ අනුමැතිය ඇතුව සෙල්ලම් කරනවා කියලා තහවුරු කරගන්න විතරයි.

🚀 ඇයි garena මෙහෙම එකක් කරන්නේ?
🌝 අඩු වයස් ළමයෙක්ට මොකක් හරි උනොත් garena ආයතනයට බලපෑමක් නොවෙන්න. ඒවගේ අවස්ථාවලදී garena එකට කියන්න පුළුවන්. මේ බලන්න ඔයාලගේ ළමයා එයාලගේ භාරකරුගේ අනුමැතිය ඇතුව සෙල්ලම් කරන්නේ කියලා අපිට කියලා තියෙනවා. අපේ නෙමේ වැරැද්ද කියලා කියන්න පුළුවන් වෙන්න.

🎨 වැඩිදුර තොරතුරු කියවන්න ඕනෙ නම් Garena Privacy Policy (රහස්යතා ප්‍රතිපත්තියේ) අංක 9 පරිච්ඡේදය කියවන්න. එකේ පැහැදිලිව කියලා තියේ අවුරුදු 13ට අඩු ළමයින් මේ game එකට සම්බන්ද කරගන්නේ නැ කියලා.

Garena Privacy Policy :-

😁 මේ Article එක ගොඩක් අය සම්පුර්ණයෙන් කියවන්නේ නැතුව ඇති. සම්පුර්ණයෙන් කියව්වා නම් ඔයා වීරයෙක් 😌

😁 එහෙනම් ඉතින් ආපහු social media වලින් game එකට log වෙන්න කලින් දෙවැනි tick එක අයින් කරලා log වෙලා මේ window එකෙන් වයස තෝරන්න ආතල් එකටත් එක්ක.

එහෙනම් මන් ගියා 👋🏻

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post