OB27 Update Date :- 14-04-2021
INDEX (පටුන)
9. New Weapon : Kord
1. New Character : Xayne (Active)
New Character : Xayne
Update 01 for OB27
Skill :- Xtreme Encounter (Active)
💡 ඔන්න ඊලග Update එකෙන් එන්න තියෙන Character එකක් තමයි මේ Xayne කියන්නේ.
💡 මෙයා Alok වගේ Active skill එකක්.
මෙයාට Skill 2ක් තියෙනවා.
මෙයාව Max කරාම,
(1) අපිට තාවකාලිකව 100HP හම්බෙනවා. (එක එකපාරටම 100Hp වැඩි වෙලා ටික ටික අඩු වෙනවා )
(2) Gluewall වලට හා Cr7 ගේ පොල් කට්ටට කරන Damage එක 80%කින් වැඩි කරනවා. ඒ කියන්නේ අපි වෙඩි තියලා Gluewall එකක් හරි shield එක හරි ඉක්මනට කඩන්න පුළුවන්.
🙂 උඩ Skill 2ම වැඩ කරන්නේ Skill Button එක ඔබලා තත්පර 8ක් වෙනකම්.
🔥 මෙයාගේ Skill එක එකපාරක් Use කරලා තත්පර 100කින් තමයි ආපහු use කරන්න පුළුවන්.
🔥 මෙයාගේ skill එක Active නිසා Alok, cr7 වගේ characters එක්ක ඒකට දාන්න බැ.
🔥 Zone එකෙන් එළියේ හරි Rush match එකකදී හරි අපේ health අඩු නම් එකපාරටම 100HP තාවකාලිකව ගන්න පුළුවන් මේ skill එක නම් වටිනා skill එකක්.
🔥 මෙයාගේ Skill එක Level එක අනුව වෙනස් වෙන හැටි පින්තුරයෙන් බලන්න.
2. New Character : Maro (MR7) (Passive)
New Character : Maro (MR1)
Update 02 for OB27
Skill :- Falcon Fervor (Passive)
💡 ඔන්න Update එකෙන් එන්න තියෙන තවත් Character එකක් තමයි මේ Maro (MR1) කියන්නේ.
💡මෙයාට තියෙන්නේ Passive skill එකක්.
මෙයාටත් skill 2ක් තියේ.
මෙයාව max කරාම,
(1) දුරත් එක්ක අපිට කරන්න පුළුවන් Damage එක 30%කින් වැඩි වෙනවා.
(2) Mark කරපු Enemy ලට කරන Damage එක 15%කින් වැඩි වෙනවා.
💛 අපිට දැනට ලැබිල තියෙන තොරතුරු අනුව තමයි මේ Skill එකේ විස්තර කිව්වේ. පස්සේ Garena ට මේ Skill එක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.
🔥මේ Character එක Garena හදලා තියෙන්නේ Egypt වල Mohomed Ramadan කියන Actor/singer/rapper/dancer හා Producer එක්ක Collab එකක් පටන් ගන්න නිසා.
මෙයාගේ Skill එක වෙනස් උනොත් අපි නැවත විස්තර දානවා 😁
🔥 මෙයාගේ skill එක Level එක අනුව වෙනස් වෙන හැටි පින්තුරෙන් බලන්න
3. Awaken Character : Andrew (Passive)
Awaken Character : Andrew Fareless
Update 03 for OB27
Skill :- Wolf Pack (Passive)
🎉 ඔන්න Update එකෙන් පස්සේ Awaken වෙන Character එක තමයි Andrew.
🔥 කලින් Kelly, Hayato වගේම මෙයාවත් Unlock කරගන්න mission 3ක් එනවා. (ඒ විස්තර පසුව)
🔥 මෙයාට තියෙන්නේ Passive Skill එකක්,
මෙයාට skill 3ක් තියෙනවා.
(1) සාමාන්‍ය Andrew ගේ Skill එක මෙයාටත් ඇතුලත් කරලා තියෙනවා. ඒ අනුව Normal andrew ගේ Level එක අනුව Vest එකේ කල්පැවැත්ම නැති වෙලා කැඩෙන එක අඩු වෙනවා.
(2) Vest/Helmet ඒකට සිද්ද වෙන Damage එක 14%ක් දක්වා අඩු වෙනවා (Level max)
(3) ඒ වගේම මේ skill එක අපේ Team එකේ අයත් දාගෙන ඉද්දි අපිට වෙන Damage එක 0.15 ගානේ අඩු වෙනවා.
🔥 දෙවැනි Skill එක ගැන කතා කරෝත් සාමාන්යෙන් Desert Eagle එකෙන් Level 3 Vest ඒකට Damage 30ක් කරනවා. එත් මේ අලුත් Andrew ගේ Skill එක දාගෙන ඉන්නවා නම් Level 3 Vest ඒකට Damage වෙන්නේ 19යි.
🔥 තුන් වෙනි Skill එක ගැන කතා කරොත් Health bar එක ගාව vest,helmet icon වලට උඩින් +1,+2,+3,+4 විදිහට වැටෙනවා.
😇 +1 වැටෙන්නේ අපේ Team එකෙන් අපි විතරයි ඒ skill එක දාගෙන ඉන්නේ
😇 +2 වැටෙන්නේ අපි හා අපේ team එකේ තව කෙනෙක් / +3 නම් අපිට අමතරව තව දෙන්නෙක් / +4 නම් team එකේ 4 දෙනාම මේ skill එක දාගෙන ඉන්නේ.
😇 +2 වැටුනොත් අපිට Damage වෙන එක 0.15ක් අඩු වෙනවා. (+3 නම් 0.30 හා +4 නම් 0.45 )කින් Damage වෙන එක අඩු වෙයි.
4. New Pet : Moony
New Pet : Moony
Update 04 for OB27
Skill :- Paranormal Protection
😁 ඔන්න Update එකෙන් පස්සේ එන්න තියෙන Pet තමයි මේ ඉන්නේ. මෙයාව Design කරලා තියෙන්නේ alien කෙනෙක් විදිහට.
😁 මෙයාගේ Skill එක තමයි Medi kit එකක් use කරද්දි, vest repair කරද්දී වගේ ඒ use වෙන වෙලාවේදී අපිට බාහිරින් වෙන Damage එක අඩු කරන එක. ඒ කියන්නේ. අපි medi kit එකක් use කරද්දී අපිට වදින වෙඩි වලින් අපිට වෙන Damage එක අඩුයි.
❤️ මෙයාගේ Level 1 වලදී 20%ක්, Level 2 වලදී 30% හා Level 3 වලදී 40%ක් දක්වා අපිට වෙන Damage එක අඩු කරනවා Medi kit වගේ දේවල් use කරද්දී
Update එකෙන් පස්සේ එකපාරටම මෙයාව දෙන්නේ නැ. ටික කාලෙකට පස්සේ තමයි අපිට මෙයාව දෙන්නේ 😁
5. Character Skill Changes
Character Skill Changes
Update 05 for OB27
#ob27
ඔන්න Update එකෙන් පස්සේ Characters 9ක ගේ Skills එක එක විදිහට වෙනස් වෙනවා.
- Chrono
- Alok
- A124
- Rafael
- Olivia
- Wukong
- Maxim
- Hayato Fireband
- Misha
🔥 (1) Chrono :-
💜 පොල් කට්ටේ අරය/ size එක 2 ඉදන් 2.5 වෙනකම් ලොකු කරලා තියේ.
💜 පොල් කට්ට තියෙන වෙලාව Level 6 වලදී කලින් තිබ්බේ තත්පර 9ක් දැන් තත්පර 8යි.
💜 Skill එක දැම්මම අපි දුවන Speed එක level 6 වලදී කලින් 30%ක් වැඩි උනා දැන් 15%යි වැඩි වෙන්නේ.
💜 skill එක දැම්මම කලින් team mate ලගේ Speed එකත් වැඩි උනා. දැන් එහෙම වෙන්නේ නැ.
💜 ඒ වගේම එකපාරක් Skill එක use කරලා ආපහු දාන්න පුළුවන් වෙලාව කලින් තත්පර 40කට සැරයක් තිබ්බේ දැන් level 6 වලදීත් තත්පර 170ක් ඉන්න ඕනේ.
🔥 (2) Alok :-
💜 Level 6 වලදී Skill එක use කරාම, කලින් තිබ්බේ HP 5 ගානේ තත්පර 10ක් HP හම්බෙන skill එක.
දැන් HP 10 ගානේ තත්පර 5ක් විදිහට වෙනස් කරලා තියෙනවා.
💜 ඒ අනුව Skill එක තියෙන වෙලාව අඩු උනත් ගොඩක් ඉක්මනට ලොකු HP ගානක් Skill එකෙන් ගන්න පුළුවන්.
🔥 (3) A124 :-
💜 කලින් මෙයා Level 6 වලදී 50EP HP වලට හැරෙව්වේ. දැන් 60EP skill එක use කරලා HP කරන්න පුළුවන්.
💜 කලින් EP » HP කරන්න තත්පර 5ක් ගියත් දැන් තත්පර 4න් මාරු වෙනවා.
💜 කලින් Level 6 වලදීත් skill එක එකපාරක් use කරලා ආපහු use කරන්න තත්පර 60 ගියත් දැන් තත්පර 10න් 10ට මේ skill එක use කරන්න හම්බෙනවා.
🔥 (4) Rafael :-
💜 මෙයාට කලින් තිබ්බේ Active skill එකක්. Button එක එබුවම තත්පර කිහිපයක් silent වෙනවා අපේ වෙඩි සද්දේ. දැන් මෙයාගේ skill එක passive කරලා තියෙනවා.
💜 එත් එක්කම Snipers හා Marksman Rifles (sniper ammo නොවන Snipers උදා :- Draganov, vss,...)
💜 මේවා වලින් වෙඩි තියෙද්දී සද්දේ ඇහෙන්නේ නැ / map එකේ mark වෙන්නේ නැ. ඒ වගේම ඒ විදිහට වෙඩි තියලා Knock උණු enemy කෙනෙක්ගේ health එක පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන එක 45%කින් වැඩි කරලා තියේ.
🔥 (5) Olivia :-
💜මෙයාගෙන් Level 6 වලදී කලින් තිබ්බේ heal කරපු කෙනෙක්ව නැගිට්ටවද්දී 40HP හම්බෙන එක. දැන් 70HP ක් හම්බෙනවා.
🔥 (6) Wukong :-
💜 මෙයා පදුරක් වෙලා කලින් තත්පර 200ක් ඉන්න උනා ආපහු use කරන්න පුළුවන් වෙන්න. දැන් Level 6 වලදී තත්පර 150කින් ආපහු use කරන්න පුළුවන්. ඒ පදුර වෙන එක තත්පර 15ක් තියෙනවා. ඒ වගේම Kill එකක් ගත්තම ආපහු use කරන්න පුළුවන් time එක 0ට එනවා.
🔥 (7) Maxim :-
💜 මෙයාගේ level 6 කලින් Mushroom කන/Medi ගහන speed එක 12%කින් වැඩි උනේ. දැන් වේගය 40%කින් ඉක්මන් වෙනවා mushroom කන හා Medi ගහන.
🔥 (8) Hayato Firebrand
💜 මෙයාගේ කලින් Active skill එකක් තිබ්බේ. දැන් එක Passive කරලා තියෙනවා.
ඉස්සරහ පැත්තට වෙන දම්ගේ එක් 3.5% කින් අඩු කරනවා health 20HP අඩු උනොත්. ඒ වගේම Normal hayato ගේ skill එකත් මේ skill එජට ඇතුලත් කරලා තියේ.
🔥 (9) Misha :-
💜 මෙයාගේ කලින් Level 6 වලදී Drive කරන Speed එක වැඩි උනේ 12% කින් දැන් 20% කින් වැඩි වෙනවා.
💜 ඒ වගේම Misha වාහනේ Drive කරද්දී එයාට වෙඩි වදින එකත් අඩු කරලා තියෙනවා. ගොඩක් අමාරුයි Damage කරන්න.
6. Clash Squad Ranked Season 6
Clash Squad Ranked Season 6
Update 06 for OB27
කාලය :- අප්‍රේල් 15 - ජුනි 10
ඔන්න හෙට ඒ කියන්නේ අප්‍රේල් 15 වෙනිදා දවල් 2.30 අලුත් Clash Squad Ranked Season එක එනවා. ඒ කියන්නේ ඔයාලගේ Rank එක බස්සනවා CS වල.
මෙදාපාර Gold 3 ගියාම දෙන්නේ Golden M500 Skin එක.
මේ Clash Squad Ranked 6 වෙනි Season එක අප්‍රේල් 15 ඉදන් ජුනි 10 වෙනකම් තියේ.
7. Dynamic Store for CS
Dynamic Store for CS
Update 07 for OB27
💜 කලින් Update එකෙන් එක එක map වලට Cs එකේ store 2ක් නේ තිබ්බේ Bermuda වලට ඒකයි Kalahari වලට ඒකයි. මේ Update එකෙන් පස්සේ එක වෙනස් වෙනවා
💜 මේ Update එකෙන් පස්සේ Stores 5ක් එනවා.
Store Alpha, Beta, Charlie, Delta, හා Mysterious කියලා.
💜 මේ store 5 තියෙන්නේ විවිධ weapons. Store Mysterious එක Normal Clash squad වලට විතරක් හා අනෙක් stores 4 Clash squad normal හා CS Ranked දෙකටම එනවා.
💜 match එක පටන් ගද්දි තමයි auto මේ stores 5න් එකක් දෙපැත්තටම හම්බෙන්නේ.
8. Bermuda Remastered & Kalahari Changes
Bermuda Remastered & Kalahari Changes
Update 08 for OB27
💜 ඔන්න Update එකෙන් පස්සේ Bermuda Remastered map එක Permenent map එකක් විදිහට Clash squad වලට හැමදාම තියෙනවා. Clash squad & Clash squad Ranked
💜 මිටපස්සේ Kalahari map එක වෙනම Download කරන්න පුළුවන් විදිහට Download center ඒකට දාල තියෙනවා. එතකොට අපි Ranked වලට Kalahari ගහන්න ආස නැත්තම් ඒ map එක Puragatory map එක වගේ download නොකර ඉන්න පුළුවන්.
9. New Weapon : Kord
New Weapon : Kord
Update 09 for OB27
💜 Update එකෙන් පස්සේ එන්න තියෙන අලුත් Gun එක තමයි මේක.
🔥 මේක Machine Gun එකක් AR ammo use කරන.
💜 මේක Update එකෙන් පස්සේ Classic, Ranked, Clash squad හැම එකටම දෙනවා.
🔥 මේකේ Special දෙයකට තියෙන්නේ හිටගෙන වෙඩි තියද්දි M60 වගේ උණ්ඩ යන්නේ එකදිගට එකඑක. එත් පාත් උනොත් හරි බිම බඩ ගාන විදිහට හරි ඉදල වෙඩි තිබ්බොත් speed වෙඩි තියන්න පුළුවන්.
💜 Skills,
🧧සාමාන්‍ය Damage :- 35 (හිටගෙන)
🧧පාත් වෙලා එක වෙඩිල්ලකට Damage :- 7 ඒවා 4ක් වගේ (28)
🧧Rate of fire : 0.21
🧧Magazine : 80
🧧මේකට Scope එකක් විතරයි දාන්න පුළුවන්.
🔥 Update එකෙන් පස්සේ ඔයාලම මේක Try කරලා බලන්න.
0 Comments