Free Fire FAQ



❤️ මහන්සියෙන් type කරේ ඔක්කොම කියවන්න අනිවාර්යෙන් ❤️

Free Fire Max ගැන ප්‍රශ්න තියෙන අය කියවන්න. හෑලි කියවන්න අකමැති අය නිසා FAQ විදිහට ප්‍රශ්න උත්තර දානවා 😁.

Q:- මොකක්ද මේ Freefire Max?
A:- Freefire Max කියන්නේ තවත් Game එකක්. මේක වෙනම Playstore, App Store වලින් දාගන්න පුළුවන්.

Q:- Free Fire එකෙයි Free Fire Max එකේ වෙනස?
A:- Free Fire එකට වඩා ලොකු Game එකක් තමයි මේ Max ඒක මේකේ ගොඩක් Effect වැඩි, Animation වැඩි, Graphic වැඩි, ඇත්ත වගේ තියෙන Realistic ගතිය වැඩි.

Q:- Free Fire Max විතරක් තියෙන Features මොනාද?
A:- Craftland හදන්න පුළුවන්, 360° Lobby තියේ, තව ගොඩක් දේවල් තියේ.

Q:- එතකොට අපේ පරණ Freefire account එකෙන්ම log වෙන්න පුළුවන් ද?
A:- ඔව් ඔව්. ඔයාලට App දෙකටම එකම account එකෙන් log වෙන්න පුළුවන්.

Q:- Account එකට අවුලක් යන එකක් නැනේද?
A:- අපෝ නැ මේක Garena එකෙන්ම හදපු game එකක්.

Q:- එතකොට Free fire අයටයි Max අයටයි එකට play කරන්න පුළුවන් ද?
A:- ඔව් බන් ඔව්. දෙගොල්ලන්ටම එකට play කරන්න පුළුවන්.

Q:- මන් තාම Max ඒක දාගෙන නැ. Pre register උණු ඒවා හම්බෙන්නේ නැද්ද?
A:- Pre Register උණු Reward ටික ගන්න ඔයාල Max ඒක දාගන්න ඕනෙ.

Q:- Free fire max එකේ තියෙන විශේෂ දේවල් ටිකක් පැහැදිලි කරන්නකෝ
A:- හා ඉතින් පහල බලන්න 🤭

🧞‍♂️ Login Video
- Game eka open කරාම Tap to start තැන video එකක් තියේ.
🧞‍♂️ 360° Lobby
- ඔයාලගේ lobby ඒක 360ට කරකවන්න පුළුවන්.
- Gun පෙන්න දාන්න, වාහනයක් පෙන්න දාන්න, අනෙක් පැත්තේ Gluewall එකක් පෙන්න දාන්න පුළුවන්
- Rank ඒක පෙන්නන තැන.
- ඉස්සරහට තව දේවල් add වෙනවා.
🧞‍♂️ Craftland
- මේක මන් කලින් විස්තර කරා.
- අපිට ඕනෙ විදිහට map ඒක design කරලා ඒ map එකෙන් custom ගහන්න පුළුවන්.
🧞‍♂️ Graphic Increased
- Map එකේ Graphics හා අනෙක් Graphic හොදටම වැඩි කරලා තියෙන්නේ normal අයට වඩා.
🧞‍♂️ Map Effects
- Normal එකට වඩා Map එකේ හැම දේම වගේ graphic වැඩි කරල තියේ
- වතුර ගලන විදිහ, Zone ඒක පොඩි වෙනකොට zone එකේ effect, දුවද්දී හා වාහන වල දුවිලි effect, ගස් වල කොළ වැටෙන effect
🧞‍♂️ New Map Bermuda Max
- Max එකේ Download center එකේ 96mb ක map එකක් තියේ Bermuda Max කියලා සාමාන්‍ය bermuda map එකට වඩා graphic හොදටම වැඩි මේකේ. දැනට Clock tower හා Factory අවට අලුතින්ම හදලා තියේ මේ map එකේ.
🧞‍♂️ Gameplay Effects.
🧞‍♂️ අලුත් animation තියේ දුවද්දී, උඩ පනිද්දී, මොනා හරි use කරද්දී (mushroom, vest repair,..), parachute ඒක දිගහරින විදිහ.
🧞‍♂️ Weapon Reload කරන විදිහ ඇත්ත වගේ Realistic කරලා තියේ.
🧞‍♂️Sound Effects = වෙඩි තියද්දි, වාහන, අනෙක් හැම sound එකක්ම අලුත්.
🧞‍♂️ යකඩ තැනකට වෙඩි තියද්දි ගින්දර පනින effect ඒක.
🧞‍♂️ තව Setting වල අපිට අවශ්‍ය විදිහට මේ දේවල් on off කරගන්න පුළුවන් හැකියාව

Q:- මොන phone වලද play කරන්න පුළුවන්?
A:- අඩුම 2GB වත් ඕනෙ Ram ඒක.

අඩුම සුදුසුකම් (Minimum requirements)
ANDROID

  • RAM - 2GB
  • Storage - 2.5GB+
  • Version - Android 4.4
  • CPU - Dual core 1.2GHz

IPHONE

  • Storage - 2.5GB+
  • Version - iPhone 6s
  • CPU - Version: iOS 11


හොදට Play කරන්න අවශ්‍ය සුදුසුකම් (Recommended requirements) 
ANDROID

  • RAM - 4GB
  • Storage - 4GB+
  • Version - Android 7
  • CPU - Octa core 2.0GHZ

IPHONE

  • Storage - 4GB+
  • Version - iPhone 7
  • CPU - Version: iOS 11+

Q:- මීට අමතරව තව Free fire max එකේ දේවල් තියේද?
A:- නැතුව ඔයාල දාගෙනම බලන්න ඔක්කොම කිව්වොත් අගයක් නැනේ 🤭

ඔක්කොම කියව්වාට තැන්ක්ස් 😊 කාලෙකට පස්සේ හෙන දිග post එකක් නේ 😂.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

2 Comments

  1. 3 gb mobile walin play karanna barida

    ReplyDelete
  2. අනේ බන් මගෙ 4GB රැම් තිබ්බට රෑන්ක් ස්කුවාඩ් ගහන්න බෑනෙ බන් පට්ට ලැග් එනිමිලට ලග නම් ගහන්න බැ බන් එපාම වෙලා තින්නෙ බන් මේකට උත්තරයක් දීපන්කො පෝන් එක Galaxy A20s 4 GB,64GB

    ReplyDelete
Previous Post Next Post