OB28 Update Summary

 



OB28 Update Date :- 08-06-2021

INDEX (පටුන)


6. Paloma Skill Change
10. Revival Point Updates


1. New Character : D-Bee (Passive)



New Character : D-Bee
Update 01 for OB28
Skill :- Bullet Beats (Passive)

🔥 ඔන්න ඊළගට එන්න තියෙන Character එකක් තමයි මේ D-Bee (දැනට නම) කියන්නේ.

🔥 මෙයාට Skill 2ක්‌ තියෙනවා. මෙයාව Max කරාම,

(1) වෙඩි තියන ගමන් ඇවිදිදී  Movement speed (ඇවිදින වේගය) 70%කින් වැඩි වෙනවා.
(2) වෙඩි තියෙන ගමන් ඇවිදිද්දී Accuracy (හරියටම enemy ට aim වෙන එක) 70%කින් වැඩි වෙනවා.

🥰 මෙයා සාමාන්යෙන් හොද character එකක්.
🔥 මෙයාගේ Skill එක Passive නිසා Active skill එකක් එක්ක දාන්න පුළුවන්.
🔥 මෙයාගේ Skill එක Level එක අනුව වෙනස් වෙන විදිහ පින්තුරයෙන් බලන්න.



2. New Pet Dr. Beanie

New Pet : Dr. beanie
Update 02 for OB28
Skill :- Dashy Duckwalk

😁 ඔන්න ඊලග Update එකෙන් පස්සේ එන්න තියෙන pet තමයි මේ ඉන්නේ. මෙයාව Design කරලා තියෙන්නේ තාරාවෙක් වගේ.
🥰 මෙයාගේ Skill එක තියෙන්නේ අපි පාත් වෙලා (crouch) ඇවිදිද්දී අපිට ඇවිදින්න පුළුවන් speed එක වැඩි කරන එක.
❤️ මෙයාගේ Level 1 වලදී 30%ක්‌, Level 2 වලදී 40%ක්‌, Level 3 වලදී 60%ක්‌ පාත්වෙලා ඇවිදින speed එක වැඩි කරනවා.

🤧 Update එකෙන් පස්සේ ටික කාලෙකට පස්සේ තමයි මෙයාව දෙන්නේ.




3. Clash Squad Ranked Season 7


Clash Squad Ranked Season 7
Update 03 for OB28
කාලය :- ජුනි 9 - අගෝස්තු 5

😋 ඔන්න ලබන බදාදා ඒ කියන්නේ ජුනි 9  වෙනිදා දවල් 2.30 අලුත් Clash Squad Ranked Season එක එනවා. 🔥 ඒ කියන්නේ ඔයාලගේ Rank එක බස්සනවා CS වල.
😁 මෙදාපාර Gold 3 ගියාම දෙන්නේ Golden M1014 Skin එක.
🥰 මේ Clash Squad Ranked 7 වෙනි Season එක ජුනි 9 ඉදන් අගෝස්තු 5 වෙනකම් තියේ.

🔥 ඒ වගේම Clash Squad Ranked වලටත් මේ පාර ඉදන් Grand Master Rank එක හම්බෙනවා. මේ Grand Master Rank එක හම්බෙන්නේ Region එකේ වැඩිම තරු ගහපු 1000 දෙනාට තමයි.

GrandMaster Rank 3ක්‌ තියේ.
🌟 Grand Master III - හොදම 301-1000 අතර අයට.
🌟 Grand Master II - හොදම 101-300 අතර අයට.
🌟 Grand Master I - හොදම 1-100 අතර අයට.

😌 CS Rank දැන් තියෙන Season එක Update එකෙන් පස්සේ ඉවර වෙනවා.



4. CLU - Skill Change


CLU - Skill Change
Update 04 for OB28

🔥 ඔන්න Update එකෙන් CLU character එකේ Skill එක වෙනස් කරල තියෙනවා.
❗මෙයාගේ Skill එක තිබ්බේ මීටර් ගානක් ඇතුලත හිටගෙන ඉන්න enemy ලව පෙන්නන එක.

🔰 මේකෙදි Level 6 වලදී scan වෙන දුර මීටර් 50 ඉදන් 70 වෙනකම් වැඩි කරලා තියේ.
🔰 Level 6 වලදී මේ enemy ලව පෙන්නන කාලය තත්පර 7 ඉදන් 7.5 වෙනකම් වැඩි කරලා තියේ.
🔰 ඒ වගේම කලින් තිබ්බ Level 4 ට උඩ නම් විතරයි අපේ team එකේ අයත් ඒ enemy ලව පෙන්නේ කියලා එක අයින් කරලා තියෙනවා. ඒ අනුව Level 1 තිබ්බත් අපේ team එකේ අයටත් පෙන්නනවා.

🔥 එක එක Level එකේදී skill එක කලින්ට වඩා වෙනස් වෙන විදිහ පින්තුරෙන් බලන්න.



5. Laura Skill Change


Laura - Skill Change
Update 05 for OB28

🔥 ඔන්න අලුත් update එකෙන් Laura character එකේ skill එක පොඩ්ඩක් වෙනස් වෙනවා.

❗ මෙයාගේ skill එක තිබ්බේ Gun එකක් scope කරලා ගහද්දි Accuracy එක වැඩි කරන එක.

Update එකෙන් පස්සේ,
Level | කලින් | දැන් 
Level 1 : 10 | 10
Level 2 : 14 | 13
Level 3 : 18 | 17
Level 4 : 22 | 22
Level 5 : 26 | 28
Level 6 : 30 | 35

🔥 Max level එකේදී Accuracy වැඩි වෙලා තියෙනවා.


6. Paloma Skill Change


Paloma - Skill Change
Update 06 for OB28

🔥 ඔන්න අලුත් update එකෙන් Paloma character එකේ skill එක පොඩ්ඩක් වෙනස් වෙනවා.

❗ මෙයාගේ skill එක තිබ්බේ AR උණ්ඩ ගානක් වැඩිපුර අපිට ගන්න පුළුවන් Bag එකේ ඉඩ යන්නේ නැ.

Update එකෙන් පස්සේ අපිට ඕනෙම උණ්ඩ ජාතියකින් යම් ගානක් (level එක අනුව වෙනස් වෙනවා) ගන්න පුළුවන් Bag එකේ ඉඩට අමතරව.

🔥 මේ skill එක useful වෙන්න පුළුවන් ඔයාලට Bag එකේ ඉඩට අමතරව මේ විදිහට තව උණ්ඩ ගන්න ඉඩ හම්බෙන නිසා.

❗Update එකෙන් පස්සේ මේ පින්තුරේ තියෙනවට වඩා තියාගන්න පුළුවන් උණ්ඩ ගාන වෙනස් වෙන්න පුළුවන්. (දැනට තියෙන ප්‍රමාණයට වඩා අඩු වෙන්න පුළුවන්)


7. Two Grenade Slots


Two Grenade Slots
Update 07 for OB28

🔥 ඔන්න update එකෙන් පස්සේ අපිට controls වලින් Grenade slots අපිට single slot, double slot කියලා තෝරන්න එනවා.
🔥 කලින් අපිට Gluewall, Grenade,.. තෝරන්න එක slot එකයි තිබ්බේ. දැන් කොටස් 2ක්‌ ගන්න පුළුවන්. එතකොට එකකට Gluewall අනෙක් එකට Grenade වගේ ඕනේ විදිහටකට මෙහෙම slot 2 use කරන්න පුළුවන්.
----------------------------------

8. In Game Voice Commands

In Game Voice Commands
Update 08 for OB28

🔥 Game එකේ කලින් update එකකින් ආපු quick msg function එක වැඩිදියුණු කරලා තියෙනවා. දැනට මේ command use කරාම game එකේ වැටෙනවා විතරයි තිබ්බේ. Update එකෙන් පස්සේ මේ විදිහට command එකක් එබුවම කටහඩකින් මේ command එක team එකේ අයට ඇහෙනවා.


9. Vending Machine Updates

Vending Machine Updates
Update 09 for OB28

🔥 ඔන්න Update එකෙන් පස්සේ Vending machine වල වෙනස් කම් කිහිපයක් කරලා තියේ.
🔰 Map එක open කරලා දකුණු පැත්තේ යට පින්තුරේ පෙන්නලා තියෙනවා වගේ on off එකක් තියේ එකෙන් map එකේ මේ machine පෙන්නනවද නැද්ද කියලා ඔයාලට වෙනස් කරගන්න පුළුවන්.
🔰 මේකට උණ්ඩ, Vest Repair kit එකතු කරල තියෙනව. අපිට කාසි වලින් උණ්ඩ උනත් දැන් ගන්න පුළුවන්.
🔰 සමහර item වල ගන්න පුළුවන් limit ඒක වැඩි කරලා තියේ.
🔰 Map එකේ දැන් හොද loot තියේ. මේ machine එකක්ම හැම තිස්සෙම use කරන්න ඕනේ නැ.
---------------------------------------

10. Revival Point Updates


Revival Point Updates
Update 10 for OB28

🔥 Update එකෙන් පස්සේ map එකේ Revive කරන තැන්වල වෙනස් කරල තියේ.

🔰 මේ තැනකට ගිහින් Revive කරන වෙලාව තත්පර 14 ඉදන් 33 වෙනකම් වැඩි කරලා තියේ.
🔰 එකපාරක් එක තැනක් use කරලා ආපහු use කරන්න පුළුවන් cooling time එක තත්පර 150 ඉදල 180ට වැඩි කරලා තියේ.
🔰 Map එකේ මේ Revive කරන තැන් 9 ඉදන් 8 වෙනකම් අඩු කරලා තියේ.



11. New Weapon : Mini Uzi

New Weapon : Mini Uzi
Update 11 for OB28

🔥 ඔන්න Update එකෙන් පස්සේ Classic හා Clash squad වලට අලුත් Gun එකක් එනවා.
🔰 මේක SMG ammo use කරන pistol slot එකට වැටෙන Secondary gun එකක්.
🔥 මේකත් හොද Rate of fire තියෙන Gun එකක්. එකදිගට වෙඩි තියන්න පුළුවන්.
🔰 මේක ගොඩක් දුර වෙඩි තියන්න use කරන්න බැ. Short Range gun එකක්.

සාමාන්‍ය Damage - 17
Headshot Damage - 93
Rate of fire - 0.055
Magazine - 18

🔰 මේකට muzzel වගේ මුකුත් attachment දාන්න බැ
🔰 සැ.යු :- මේකේ උණ්ඩ SMG හෝ Pistol ammo වෙන්න පුළුවන්. දැනට තොරතුරු තියෙන්නේ SMG කියල.


12. Weapon Balancing

Weapon Balancing
Update 12 for OB28

🔥 හැම පාරම වගේ මේ පාරත් Gun වල එක එක කොටස් අඩු වැඩි කරලා තියේ.

🔰 M1917
කලින් update එකෙන් ආපු මේ Gun එක සාමාන්‍ය Range එකක හොදට Damage කරන්න පුළුවන් Pistol එකක්.
💠 අඩුම Damage එක 36 ඉදන් 45ට වැඩි කරලා තියේ.
💠 වදින දුර 25% කින් වැඩි කරලා තියේ.

🔰 Kord
කලින් update එකෙන් ආපු මේ Machine gun එකත් සුපිරියක්
💠 Accuracy 28කින් වැඩි කරලා තියේ
💠 Machine Gun mode එකේදී Rate of fire 25%කින් වැඩි කරලා තියේ.
💠 Gluewall, බැරල්, වාහන වලට කරන damage එක 20% කින් වැඩි කරල තියේ.

🔰 M60
මේ Gun එකත් කට්ටිය use කරනවා අඩු නිසා බලය වැඩි කරලා තියේ.
💠 Machine Gun mode එකේදී Damage එක 5කින් වැඩි කරලා තියේ.
💠 Gluewall, බැරල්, වාහන වලට කරන damage එක 60% කින් වැඩි කරල තියේ.

🔰 Kar98k
මේ Gun එක players ලා use කරනවා ගොඩක් අඩුනිසා බලයන් වෙනස් කරලා තියේ.
💠 අත්,කකුල් වලට Damage එක 25%කින් වැඩි කරලා තියේ.
💠 ඇගට වදින Damage එක 10%කින් අඩු කරලා තියේ.
💠 Armor Penetration 40%කින් වැඩි කරලා තියේ.
(උණ්ඩ Vest,helmet හරහා ගමන් කිරීම)


13. New Item : ICE Grenade

New Item : ICE Grenade
Update 13 for OB28

🔥 ඔන්න Update එකෙන් පස්සේ Classic හා Clash squad වලට අලුත් ice grenade එකක් එනවා.
🔰 මේ Grenade එක පිපුරුවම ඒ area එකේ Enemy ලට Damage වෙනවා.
💠 පිපුරුවම Damage එක -
 100
💠 Damage වෙන දුර - මීටර් 5ක්‌
💠 Freeze වෙන දුර - මීටර් 5ක්‌
💠 Freeze වෙන වෙලාව - තත්පර 10ක්‌

🔰 Freeze වෙන Area එකේ ඉන්න අයගේ,
(1) දුවන වේගය 10%කින් අඩු වෙනවා.
(2) Rate of fire 20%කින් අඩු වෙනවා.
(3) ඒ වගේම තත්පර 10ක්‌ යනකම් 5-10ක්‌ අතර ගානක් Damage වෙනවා.
🔰 මේ Ice Grenade එකේ උඩ කියපු වෙන effect ඔක්කොම Area එක ඇතුලේ ඉන්න enemy ට අමතරව Area එක ඇතුලේ හිටියොත් අපිට හා අපේ team එකේ අයට බලපානවා.


14. Training Ground Changes

Training Ground Changes
Update 14 for OB28

🔥 ඔන්න Update එකෙන් Training Ground එකට දේවල් වගයක් add කරලා තියේ.

💠 Training Ground එකක ඉන්න players ලා ගාන 20 ඉදන් 25 වෙනකම් වැඩි කරලා තියේ.
💠 Social Zone එකේ Airship එක දාල තියේ. Portal එකක් හරහා එක උඩට යන්න පුළුවන්. දෙන්නෙක්ට 1vs1 fist එකෙන් ගහගන්න පුළුවන් airship එක උඩ.
💠 අලුතින් Bumper car කියල වාහනයක් add කරලා තියේ training ground එකට.
💠 Race Track එකේ එක වටයක් යන්න ගතවෙන කාලය මනින්න lap timer එකක් දාල තියේ.
💠 Chat කරන command තැන Emoji add කරල තියේ. Emoji දාන්න පුළුවන්.
💠 Combat zone (වෙඩි තියන තැන) Leaderboard එකක් දාල තියේ. Players ලගේ playing අනුව අපේ නමත් ඒ board එකට දාගන්න පුළුවන්.



15. Pet Rumble Mode

 


Pet Rumble Mode
Update 15 for OB28

🔥 ඔන්න update එකෙන් පස්සේ Pet Rumble mode එක Normal mode එකක් විදිහට play කරන්න එනවා. (කලින් pet rumble custom විතරයි තිබ්බේ)

🔰 මේ Mode එක ඔයාලට හෙට (09) ඉදන් play කරන්න පුළුවන්.
🔰 කලින් තිබ්බට වඩා අලුත් task (minigames) 4ක්‌ add කරලා තියේ.
🔰 අලුත් Skill එකක් (Trap) කියලා එකක් Pranksters ලට හම්බෙනවා.

15. AA

 


15. AA

 


9 Comments

  1. එල ගොඩක් වටිනවා බොක්ක 😀

    ReplyDelete
  2. ඇත්තෙන්ම හොද website එකක් මම yt වලින් බලවත් දන්නෑ ති ටිකක් හම්බවුනා මේක දිගටම කරගෙන යන්න bro good luck 🥇🥇 (HIMAS DAIRY ) අක්කිගේ න් ආවේ.....

    ReplyDelete
  3. හිමා අක්කිගෙන් ආවෙ

    ReplyDelete
Previous Post Next Post